Magical Space by Sarala Rukshitha



යාන්ත්‍රික ජීවිතයක් වෙනුවෙන් අප සොබාදහම පාවා දී තිබෙනවා. ඒ තුළ අප අපේ හදවතට සේම සොබාදම් මාතාවට සවන් දුන්හොත් කුමක් ඇසිය හැකිවේද? මේ පකිස්තානයේ '60 seconds film festival' 2013 හී සොබාදහම් සහ ජලය යන අංශයෙන් මුල් තැන දිනූ චිත්‍රපටයයි. එසේම එය තවත් සම්මාන බොහෝමයක් දිනා තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සරල රුක්ෂිතගේ අදහසයි. “මිනිස්සු පරිසරයත් එක්ක හැසිරෙන විදිය දැකලයි මට මේක හදන්න හිතුනෙ. මිනිස්සු පරිසරයෙන් කොච්චර ඈත් වෙනවද කියලායි මම මේක ඇතුලෙ කතා කළේ. අපිට දකින් තියෙන භෞතික ලෝකෙට වඩා අපේ ආධ්‍යාත්මික හැසිරීම් තුළ අපි කොහොමද මේ ලෝකය සමග ගණුදෙනු කරන්නෙ කියන දේයි මේ කතාකරන්නෙ. ඒ වගේම අතීතයේ තිබුනු සොබාදහම් සබඳතා වලින් අපි කොච්චර ඈත් වෙලාද කියන දේත් මේක මේකෙ ප්‍රශ්න කරනවා. ”

 

රංගනය

  • ඈන් මිනූෂි කාව්‍යා

තිරපිටපත/සංස්කරණය/අධ්‍යක්ෂණය

  • සරල රුක්ෂිත

සංගීතය

  • ඉසුරු මෙනේරපිටිය

කලා අධ්‍යක්ෂණය

  • හෂාන් අබේගුණරත්න

කැමරා අධ්‍යක්ෂණය

  • කීර්ති ප්‍රභාත්

 

රචින්ත ජයවර්ධන