ෂාරුක්, සල්මාන්, අමීර් එකට



2017-01-09-ent-24

නිමාවූ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් ආදායම් උපයා ගැනීම අතින් පෙරමුණ ගැනීමට %ඛාන්^ නළුවන්ගේ චිත්‍රපට සමත්ව ඇත. මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා රැසක් බිඳදමමින් තිරගත වෙන "දංගල්" චිත්‍රපටය පසුගිය වසරේ තිරගත වූ සාර්ථකම චිත්‍රපටය බවට පත්විය. කෙසේ වෙතත්, ඒ හා සමාන සාර්ථකත්වයක් සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයටද ලැබී තිබුණි.

කලකට පසුව බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන්ගේ බොලිවුඩ් චිත්‍රපට 2ක් පසුගිය වසරේදී තිරගත විය. ඉන් වඩාත් සාර්ථක වූයේ වසර අගදී තිරගත වූ "ඩියර් සින්දගී" චිත්‍රපටයයි. අඩු ආදායමකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් විය. එමෙන්ම ඔහුගේ "ෆැන්" චිත්‍රපටයද යම් තරමක සාර්ථකත්වයක් හිමිකර ගත්තේය.

මින් විශේෂත්වය වන්නේ වසර 3කට පසුව ෂාරුක්, අමීර් හා සල්මාන් තිදෙනාගේම චිත්‍රපට නිමාවූ වසරේදී තිරගතවීමය.

 

2017-01-09-ent-23