සල්මාන්, කත්‍රිනා එක්ක මොරොක්කෝවේ ගිහින්



20170110Salman-1සුපිරි බොලිවුඩ් නළු නිළි යුවළක් වන සල්මාන් ඛාන් හා කත්‍රිනා කයිෆ් මේ දිනවල මොරොක්කෝවේ රැඳී සිටින බව වාර්තා වෙනවා. ඒ කබීර් ඛාන් නිර්මාණය කරන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහායි. ලැබෙන වාර්තාවලට අනුව ඔවුන් දෙදෙනා සති තුනක කාලයක් මෙහි රැඳී සිටින බවය.

2012 වසරේ තිරගත වූ ‘එක්තා ටයිගර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටය මේ වසරේ අගදි තිරගත වීමට නියමිතව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ සල්මාන් හා කත්‍රිනා නැවතත් ප්‍රේක්ෂකයන්ට පෙම්වතුන් ලෙස දකින්නට ලැබීම හරහා මෙම චිත්‍රපටය ආදායම් උපයාගැනීම අතින් අති සාර්ථකවනු ඇති බවය.