රොබොවරුන්ගේ ආගමනත් එක්ක කරළියට එන ඉසබෙලා



2017-06-15-ent-57

රොබෝවරුන්ගේ ආගමනයත් සමග නැවත කරළියට එන Transformers චිත්‍රපට මාලාවේ පස්වැන්න වන Transformers: The Last Knight චිත්‍රපටය එළැඹෙන ජූනි 18 වැනිදා ලොව පුරා එළිදැක්වීමට නියමිතය. ආදායම් වාර්තා බිඳහෙළමින් ඉදිරියට පැමිණි Transformers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වෙනුවෙන් බොහෝදෙනාගේ අවධානය මේ වන විටත් යොමුව තිබේ. එයට හේතු වී ඇත්තේ මෙම චිත්‍රපටය තාක්ෂණික මට්ටමින් විප්ලවීය වෙනසක් සිදුකරන බවට සැළවන පුවතයි. කෙසේනමුත් මෙම චිත්‍රපටය සඳහා දායක වන නළු නිළියන්ගේ සම්පූර්ණ වෙනසක් දක්නට ලැබේ. ඒ අතරින් නවක නිළියක් වන Isabela Moner ද මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙයි. ඇය ළාබාල නිළියක් වන අතර, ඇයගේ රංගන ජීවිතයේ දායක වන විශාලතම නිර්මාණයද මෙය බව සඳහන් වේ.

2017-06-15-ent-592001 වර්ෂයේ උපන් Isabela චිත්‍රපට ක්ෂේත්‍රයට නවක නිළියකි. මන්ද ඇය තවමත් ළමා නිළියක් ලෙස හඳුන්වන බැවිනි. මේ වනවිට 15 වැනි වියේ පසුවන ඇය රංගනයෙන් දායක වන තෙවැනි චිත්‍රපටය මෙයයි.

2013 වර්ෂයේදී Isabela චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේ The House That Jack Built චිත්‍රපටය හරහායි. ඉන්පසු 2014 වර්ෂයේදී Growing Up Fisher නම් රූපවාහිනී කතාමාලාවට දායක වීමට වරම් හිමි වූ අතර, එම වර්ෂයේදීම විකාශය ආරම්භ වෙමින් මේ වන විටත් විකාශනය වන කතාමාලාවන් වන Dora and Friends: Into the City! සහ 100 Things to Do Before High School රූපවාහිනී කතාමාලා සඳහාද ඇය දායකව ඇත. ඉන්පසු 2015 වර්ෂයේදී විකාශය වූ Splitting Adam කතාමාලාව ඇයගේ හතරවැනි රූපවාහිනී කතාමාලාවයි. ඉන්පසුව ඇය Middle School: The Worst Years of My Life චිත්‍රපටය සඳහා දායක විය. ඊට අමතරව මෙම වර්ෂයේදී විකාශය වන Legends of the Hidden Temple නම් රූපවාහිනී කතාමාලාවටද දායක විය.

Isabela රංගනයට මෙන්ම ගායනයටද දක්ෂ චරිතයක් බව විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි. ඒකපුද්ගල ගායිකාවක් ලෙස කටයුතු කරන ඇය මේ වන විට ගීත ඇල්බම් තුනක් එළිදක්වා තිබේ. ඇයගේ මෙම සියලු ගීත ඇල්බමයන් iTunes ඔස්සේ මිලදී ගැනීමටද හැකියාව ඇතැයි සඳහන් වෙයි.

කෙසේවුවද Transformers: The Last Knight චිත්‍රපටය මෙවර නිෂ්පාදනය කරනු ලබන්නේ හස්බ්‍රෝ විසින් රචිත Transformers ග්‍රන්ථය ඇසුරෙන් බව සඳහන් වෙයි. මෙහිදී Autobots හි යම් යම් වෙනස්කම් දැකගත හැකි බවද මෙහි අධ්‍යක්ෂකවරයා වන මයිකල් බේ සඳහන් කර තිබේ. මෙම වර්ෂයේදී Isabela රංගනයෙන් දායක වන The Nut Job 2: Nutty by Nature චිත්‍රපටය සඳහා ඇය හඬකැවීමෙන් දායක වනු ලබයි. රංගනයට මෙන්ම ගායනයටද දස්කම් දක්වන ඇය හඬකැවීමේ ශිල්පිනියක් ලෙසින්ද ඉදිරියේදී දක්නට ලැබෙනු ඇතැයි සඳහන් කර තිබේ.