ඩ්වෙන් ජනාධිපතිවරණයට ඉල්ලනවාලු?



2017-06-15-ent-61

මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන හොලිවුඩ් සුපිරි නළුවකු සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. ඒ හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන ඩ්වේන් ජොන්සන් බවයි සඳහන් වන්නේ. මේ පුවතෙහි සත්‍ය අසත්‍යතාව තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැකි වුවත් පසුගිය සතියේ මේ සුපිරි තරුව ප්‍රකාශකර ඇති කාරණාව පිළිබඳව බොහෝදෙනාගේ අවධාන යොමුව තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ නැවත ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2020දී වන අතර, ඒ සඳහා තව අවුරුදු 03 ½ කාලයක් ඇති බවයි.

ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ. මේ ප්‍රකාශයෙන් පසු බොහෝදෙනා සඳහන් කර ඇත්තේ, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි. එවැනි මත අද පළ වුවත්, 2020 දී කුමක් සිදුවේදැයි අනාවැකි කිව නොහැකි බවයි තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ.

 

2017-06-15-ent-60 2017-06-15-ent-63 2017-06-15-ent-62