හැරීගේ පෙමත් දෙදරා යාමට ඉඩ



2017-06-15-ent-99

දෙවැනි එළිසබෙත් රැජිනගේ මුණුබුරු වන හැරී කුමරු සහ හොලිවුඩ් නිළි මේගන් මාර්ක්ල් අතර ඇති පෙම් සබඳකමට දැන් මාස ගණනක් ගත වී ඇතැයි සඳහන් වේ. ඔවුන් දෙදෙනා ළඟදීම යුගදිවියට එළඹීමට තීරණය කර ඇතැයි බොහෝ මාධ්‍යවලින් සඳහන්කර තිබේ. නමුත් මෙම විවාහය සිදුනොවීමට එක් හේතුවක් බලපා ඇති බවයි සඳහන් වන්නේ. ඒ ඇයගේ නිළි වෘත්තියයි. විවාහයෙන් පසුව නිළි වෘත්තිය අත්හැරීමට කැමති බව ඇය තවමත් සඳහන් නොකිරීම හේතුවෙන් මොවුන් දෙදෙනාගේ විවාහය දිනෙන් දින කල් යනු ඇතැයි සඳහන් වේ.

තම නිළි ජීවිතයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටින මෙගන්, රාජකීය කුමරුවෙකුගේ ආර්යාව වන්නට පවා මැලිකමක් දක්වන බවයි බොහෝදෙනා සඳහන් කරන්නේ. කෙසේවුවත් මේ අතර, ප්‍රවීණ සිනමාකරුවන් දෙදෙනෙකු වන ටයිලර් පෙරී සහ ලී ඩැනියල්ස් බලාපොරොත්තුව සිටින්නේ ටෙලිනාට්‍ය මාලාවක ප්‍රධාන නිළිය ලෙස මේගන්ව තෝරා ගැනීමටයි. ඇය මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවයි සඳහන් වන්නේ.

 

2017-06-15-ent-98