සල්මාන්ගේ නඩුව දිගින් දිගටම ඇදෙන ලකුණු



2017-08-08-ent-104

18 වසරක් තිස්සේ විභාග කෙරෙන සල්මාන් ඛාන්ගේ නඩුව මේ වනවිට වෙනත් මුහුණුවරක් ගෙන තිබෙන බව බොලිවුඩ් සිනමා මාධ්‍යයන් සඳහන් කරනවා. 1998 වසරේදී 'හම් සාත් සාත් හේ' චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදී ජෝදාපූර් වනයේදී වඳවී යන කළු මුවන් තිදෙනකු මරා දැමීම හේතුවෙන් සල්මාන් ඛාන්ට මෙසේ නඩු පැවරි තිබෙනවා.

පසුගිය ජූලි 08 වැනිදා පැවැති නඩුවාරයේදී සල්මාන්ට තවත් නඩුවක් ගොනු කළ අතර, ඒ කළු මුවන් දඩයම් කිරීමේදී සල්මාන් ඛාන් සතුව රයිෆල් එකක් හා රිවෝල්වරයක් තිබීමත් ලියාපංදිචි නොකළ ආයුධ ළඟ තබා ගැනීම හේතුවෙන් ඔහුට මෙසේ මෙම නඩුව ගොනුකර තිබෙනවා. ලැබෙන තොරතුරුවලට අනුව මේ නඩුව තවදුරටත් ඇදෙමින් පවතින බව සඳහන්.