ඛාන්ලත් එක්ක වැඩ කරන අමිර් ඛාන්



2017-08-08-ent-105

ඔක්තෝබර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත 'ස්ක්‍රිට් සුපර්ස්ටාර්' චිත්‍රපටයේ මංගල ප්‍රචාරක පටය පසුගිය සති අන්තයේදී එළිදක්වනු ලැබීය. අමීර් මෙහි සහාය චරිතයක් නිරූපණය කරන නමුදු මේ වනවිට බොහෝ පිරිසකගේ අවධානය මොහු වෙත ලැබී තිබෙන බව සඳහන් වේ.

මෙම ප්‍රචාරක පටය එළිදැක්වූ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් අමීර් ඛාන් පවසා තිබුණේ, තමා ඉදිරියේදී සල්මාන් ඛාන් මෙන්ම ෂාරුක් ඛාන් සමගද වැඩ කරන්නට දැඩි කැමැත්තෙන් පසුවන බවය. අමිර් මීට පෙර සල්මාන් සමගින් චිත්‍රපටයක රඟපෑ තිබුණද ඔහු තවමත් ෂාරුක් ඛාන් සමගින් චිත්‍රපටයක රංගනයෙන් දායකවී නොමැත. අමීර් ඛාන් පවසන්නේ ෂාරුක්, සල්මාන්ගේ 'ටියුබ්ලයිට්' චිත්‍රපටයේ ආරාධිත රංගනයක් නිරත වූ නිසාම තමාටද ඔවුන් සමග වැඩ කරන්නට කැමැත්තක් ඇතිවූ බවයි.