රන්බීර්ගේ අලුත් පෙනුම



2017-08-08-ent-106

ලබන වසරේ මාර්තු 18 වැනිදා තිරගත වන සංජය දත්ගේ ජීවිත කතාව අලළා සැකසුණ චිත්‍රපටය සඳහා මේ වනවිට එහි ප්‍රධාන නළු චරිතය නිරූපණය කරන රන්බීර් කපූර් චිත්‍රපටයට අවශ්‍ය කරන අන්දමට සිය සිරුරේ හැඩය වෙනස් කරගනිමින් සිටින බව සඳහන් වේ.

මීට දින කිහිපයකට පෙර රන්බීර් කායවර්ධන ව්‍යායාම්වල නිරතව සිටින අතරතුරදී ගත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. ඡායාරූපයේ දැක්වෙන අන්දමට රන්බීර්ගේ සිරුර කලින් තිබුණාට වඩා ශක්තිමත්ව වර්ධනය වී තිබෙන අයුරක් පෙනෙන්නට තිබේ.