කලකට පස්සේ සනි ලියොන්ගේ චිත්‍රපටයක්



2017-08-08-ent-172

චිත්‍රපට කිහිපයකම 'අයිටම්' ගීත සඳහා නර්තනයෙන් දායක වූ සනි ලියෝන් ඉදිරියේදි චිත්‍රපටයක ප්‍රධාන නිළි චරිතයකින් සිය ප්‍රේක්ෂකයන් මුණගැසීමට සූදානමින් සිටින බව සඳහන් වෙනවා. ඒ රජිව් වාලියාගේ 'තෙරේ ඉන්තසාර්' චිත්‍රපටයෙනි. මෙහි ඇය ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආර්බාස් ඛාන් (සල්මාන් ඛාන්ගේ බාල සොහොයුරා) සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඔවුන් දෙදෙනාට අමතරව ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුම රංගනයෙන් දායක වන මෙහි සරාගි දර්ශන බොහොමයක්ද ඇතුළත්ව තිබෙන බව සඳහන්. චිත්‍රපටය ලබන වසරේ මුලදී හෝ මේ වසර අගදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.