සද්ධා ප්‍රසිද්ධියේ රාකී බඳියි



2017-08-08-ent-173

අගෝස්තු 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත 'හසීනා පාකර්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකට එක් වෙමින් සිටියදී එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සද්ධා කපූර් සිය වැඩිමහල් සොහොයුරා වන සිද්ධාන්ත් කපූර්ට 'රාකි' පැලඳූ බව සඳහන් වේ.

ඒ මේ දිනවල ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වන 'ද ඩ්‍රාමා කොම්පැනි' වැඩසටහන තුළදීය. සද්ධා මෙන්ම සිද්ධාන්ත් දෙදෙනා මෙම වැඩසටහන එක්ව තිබුණේ සිය අලුත්ම චිත්‍රපටය වූ 'හසීනා පාකර්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහා බව වාර්තා වේ. සද්ධා මෙන්ම සිද්ධාන්ත්ද 'හසීනා පාකර්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.