දික්කසාද වුණත් උපන්දිනයට තෑගී



2017-08-08-ent-174

චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා සිනමා නළුවෙකු ලෙස ජනප්‍රිය ආර්බාස් ඛාන් මීට දින කිහිපයකට පෙර සිය උපන්දිනය සමරන්නට විය. ඔහුට අයත් මුම්බායි නිවසේදී චාම් උපන්දින සාදයක් ආර්බාස් විසින් සංවිධානය කර තිබුණ අතර, ඒ සඳහා ඔහුගේ හිටපු බිරිඳ වන මලෙයිකා ආරෝරා හා ඔවුන් දෙදෙනාට දාව උපන් දරුවන්ද පැමිණ සිටි බව සඳහන් වේ.

මේ වනවිට නීතියෙන් වෙන්ව සිටින ආර්බාස් ඛාන් හා මලෙයිකා ආරෝරා දෙදෙනා නැවත මෙසේ එක්ව සිටීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් වූ අතර, මලෙයිකා විසින් ආර්බාස්ට අපුරු තෑගි කිහිපයක්ද මෙහිදි ලබාදුන් බව සඳහන් වේ. එමෙන්ම ආර්බාස්ගේ වැඩිමහල් සොහොයුරා වූ සල්මාන්ද ආර්බාස්ට අගනා මෝටර් රථයක් තිළිණ කළ බවට තොරතුරු ලැබේ.