කෝටි 100ක් ඉපැයූ වරූන්ගේ දෙවැනි චිත්‍රපටය



2017-10-10-ent-13

ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගන්නට ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටය පසුගිය සති අන්තය වනවිට සමත් වුණා. චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන වරූන් ධාවන් මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපායගත් දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. මේ වසරේ මාර්තු 10 වැනිදා තිරගත වූ ‘බද්‍ර්නාත් කී දුල්හානියා’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් වරූන්ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වේ. මේ වනවිට ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය ගොඩ නගා ගන්නා වරූන්, පසුගිය වසරේදීද රඟපෑ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ද ඉහළ ආදායමක් උපයා ගන්නට සමත් විය.

ඒ අතරින් ‘දිල්වාලේ’ හා ‘එනි බෝඩි කැන් ඩාන්ස්’ දෙවැනි චිත්‍රපටද වෙනවා. මෙම චිත්‍රපටද ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් උපයාගන්නට සමත්ව තිබුණා. මේ වනවිට ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වන ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටයෙහි වරූන් සමගින් ටප්සි පන්නු හා ජැකලින් ෆර්නැන්ඩෙස්ද රංගනයෙන් දායක වනවා.