'පද්මාවතී' ප්‍රචාරක පටය නිකුත් වෙයි



2017-10-10-ent-14

මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් කර ඇති සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගිය 09 වැනිදා පස්වරු 1.03ට නිකුත් කරනු ලැබීය.

මෙම ප්‍රචාරක පටය නිකුත් කිරීම උත්සවකාරයෙන් පැවැති අතර, බොහෝ ඉන්දීය මාධ්‍යයන්ද මේ කෙරෙහි වැඩි අවධානයක්ද යොමු කර තිබුණි. වාර්තා වන අන්දමට මෙම ප්‍රචාරක පටය නිකුත් කළ දිනයේදීම ඉහළ රසික නැරඹුම් ප්‍රමාණයක්ද වාර්තා වී තිබුණි. නිතර නැරඹුම් ප්‍රමාණය ඉහළයමින් තිබෙන බැවින් මෙය කොපමණ ප්‍රමාණයක් නැරඹුවේද යන්න නිශ්චිතව වාර්තා නොවන අතර, දළ වශයෙන් දැනට එය මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් නරඹා ඇති බවට තොරතුරු ලැබේ.