සල්මාන්ගේ නර්තන ප්‍රසංගයක් දිල්ලිවල



2017-10-10-ent-15

පසුගිය මාස කිහිපයේදී හොංකොං, නවසීලන්තය. ඔස්ට්‍රේලියාව හා ඇමෙරිකාවේ පැවැති ‘ඩාබන්ග් ද ටුවර්’ නර්තන ප්‍රසංගය එළැඹෙන දෙසැම්බර් මාස 10 වැනිදා ඉන්දියාවේ දිල්ලි නගරයේ පිහිටි ජවහල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

සල්මාන්ගේ ‘ඩාබන්ග් ද ටුවර්’ නර්තන ප්‍රසංගයක් ඉන්දියාවේ පැවැත්වෙන පළමු වතාව මෙය වේ. මෙම ප්‍රසංගය සඳහා ප්‍රභූදේවා, සොනක්ෂි සින්හා, ඩේෂි ෂා, ක්‍රිති ෂැනොන් හා ඉන්දීය රූපවාහිනි නළු මනීෂ් පාවුල්ද මෙම ප්‍රසංගය සඳහා එක්ව සිටිති. වාර්තා වන අන්දමට ජැකලින් ෆර්නැන්ඩේස් හා කත්‍රිනා කයිෆ්ද මෙම ප්‍රසංගය සඳහා එක්වීමට සූදානමින් ඇති බවය.