සුහානා ඛාන් බොලිවුඩ් සිනමාවට



2017-10-10-ent-17

බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් බොලිවුඩ් සිනමාවට පිවිසීමේ සූදානමකින් සිටින බවට නිල වශයෙන් තොරතුරු ලැබී තිබේ. පසුගිය කාලයේ ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යයන් බොලිවුඩ් සිනමාවට පැමිණෙන බවට තොරතුරු ලැබුණද ඔහු බොලිවුඩ් සිනමාවට මෑතකදී එක්නොවන බවට තොරතුරු පසුව වාර්තා විය.

සුහානා ඛාන් සිය පියාගේ සමීපතම මිතුරෙකු වු කරන් ජෝහර්ගේ චිත්‍රපටයක් සඳහා බොලිවුඩ් සිනමාවට එක්වීමට නියමිත බව සඳහන් වේ. එහෙත්, තවමත් ඇය සමග රංගනයෙන් දායක වන සිනමා නළුවා කවුද යන්න ප්‍රකාශයට පත් නොකර ඇති බවට තොරතුරු සඳහන් වේ. නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සුහානාගේ පළමු බොලිවුඩ් සිනමා පෙම්වතා වන්නට වැඩි ඉඩකඩක් සිද්ධාර්ත් මල්හෝත්‍රාට ඇති බවයි.