ආර්බාස්ගේ රුමේනියානු පෙම්වතිය



2017-10-10-ent-18

සල්මාන්ගේ බාල සොහොයුරු ආර්බාස් ඛාන් පසුගියදා සිය අලුත්ම පෙම්වතිය සමගින් ගත් ඡායාරූපයක් මාධ්‍යය වෙත නිකුත් කර තිබෙන බව සඳහන් වෙනවා. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වන මලෙයිකා ආරෝරා ඛාන් සමගින් වසර 18ක යුග දිවිය නිමා කරමින් ආර්බාස් දික්කාසද වූ අතර, මාස කිහිපයක් ගෙවෙද්දී ඔහු සිය රුමේනියානු පෙම්වතිය සමග එක්වූ බව වාර්තා වෙනවා.

ඇලෙක්ස්සැන්ඩ්‍රා කැමිලා නම් වූ ආර්බාස්ගේ රුමේනියානු පෙම්වතිය, ඔහුට මුණගැසී ඇත්තේ සල්මාන්ගේ නිවසේදී පැවැති සාදයකදී බව සඳහන්. සල්මාන්ගේ පෙම්වතිය වන ලුලියා වැන්තර්ගේ සමීපතම මිතුරියක්ද වන කැමිලා, ලුලියා සමග පසුගිය කාලයේදී නිතර සල්මාන්ගේ නිවසට පැමිණ තිබුණ බවද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.