ග්ලේන් හෙඩ්ලිගේ අවසන් රංගනය රැගත් සිනමාපටය නිකුත් වේ



2017-12-05-ent-26

පුප්ඵසීය අවරෝධනයක් නිසා මිය ගිය හොලිවුඩ් නිළි ග්ලෙන් හෙඩ්ලි රඟපෑ අවසන් චිත්‍රපටය වූ Just Getting Started එළඹෙන 08 වැනිදා තිරගත වීමට නියමිතයි.මිය යන විට 62 වැනි වියේ පසු වූ හෙඩ්ලි,මිය ගියේ කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා නගරයේදී. මෝගන් ෆ්‍රීමන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රෙනී රූසෝ.ටොමී ලීන් ජෝන්ස් මෙහි අනෙක් ප්‍රධාන චරිතය නිරපණය කරනවා. මෙහි කතාව ගලා යන්නේ ඩුයික් ඩයිවර් නම් නීතිඥවරයෙකු විසින් අතීතයේදී ඉතා භයානක පාතාල කණ්ඩායම් නායකයන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම සහ කැප්‍රි විලාහි පදිංචිව සිටිනා හිටපු රහස් පරීක්ෂකයකු පාදක කරගෙන.

 

අශාන් පෙරේරා