රාජ්කුමාර්ට සම්මාන පිට සම්මාන



2017-12-05-ent-33

මේ වසරේ ආසියාවේ දක්ෂතම රංගන ශිල්පියා ලෙස සම්මාන දිනාගත් බොලිවුඩ් සිනමා නළු රාජ්කුමාර් රාඕ පසුගියදා පැවැති ‘ස්ක්‍රින් ස්ටාර්’ සිනමා සම්මාන උලෙළේදීද වසරේ හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. ඒ ඔහු ආසියාවේ දක්ෂතම නළුවා බවට පත් වූ ‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසායි. වසරේ හොඳම සහාය නළුවා ලෙසද ඔහු මෙම සම්මාන උලෙළේදී සම්මාන දිනාගත් අතර, ඒ ‘බාර්ලි කී බර්ෆි’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. ‘ස්ක්‍රින් ස්ටාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා හා හොඳම සහාය නළුවා ලෙස සම්මාන ද්විත්වය එකම නළුවෙකු හිමිකරගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.