ෂාරුක්ගේ චිත්‍රපටයේ නම වෙනස් කරලා



2018-01-10-ent-10

බොලිවුඩ් සුපිරි නව ෂාරුක් ඛාන් මේ වසරේ පෙනි සිටින එකම චිත්‍රපටය ‘සීරෝ’ ලෙස නම් කර තිබේ. මීට පෙර මෙහි නම කිහිප වතාවක් වෙනස් කල අතර, ‘සීරෝ’ නමට පෙර මෙහි නම සඳහන්ව තිබුණේ ‘සරා තස්විර් සේ තූ’ ලෙසය.

දෙසැම්බර් 21 වැනිදින තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ ෂාරුක් සමගින් කත්‍රිනා හා අනුෂ්කා ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඔවුන්ට අමතරව, ජනප්‍රිය සුපිරි නළුනිළියන් වූ සල්මාන් ඛාන්, දිපීකා පදුකෝන්, රාණි මුඛර්ජි, කාජල්, කරිෂ්මා කපූර්, ශ්‍රී දේවි, ජූහි චව්ලා පිරිසද මෙහි රංගනයෙන් දායක වෙයි. කතාමය ස්වරූපයක් ගන්නා මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති චිත්‍රපටයක්ද වේ. ආනන්ද එල්, රායි මෙය අධ්‍යක්ෂණය කරන අතර, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන් ‘සීරෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබයි.