'පැඩ් මැන්'ට අභියෝග කරන 'පද්මාවති'



2018-01-10-ent-11

ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය අරඹන්නට ආක්ෂේ කුමාර්ගේ ‘පැඩ් මැන්’ චිත්‍රපටය සූදානමින් සිටියි. කෙසේ වෙතත්, බොලිවුඩ් සිනමා තොරතුරු වාර්තා කර සිටින්නේ මෙම චිත්‍රපටය තිරගත වන ජනවාරි 25 වැනි දිනයේදී කිහිප වරක් දින නියමයක් නැතිව කල්ගත වූ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවති’ චිත්‍රපටයද ප්‍රදර්ශනය අරඹන්නට සූදානම් කර ඇති බවය.

සිනමා විචාරකයන් පවසන්නේ ‘පද්මවාති’ සුපිරි ගනයේ චිත්‍රපටයක් නිසාවෙන් ආක්ෂේගේ ‘පැඩ් මෑන්’ චිත්‍රපටයට එය විශාල අභියෝගයක් වනු ඇති බවය. ‘පැඩ් මැන්’ හා ‘පද්මවාති’ චිත්‍රපට වලට අමතරව නිරේජ් පාන්ඩේ විසින් අධ්‍යක්ෂණය කල ‘අයියාර්’ චිත්‍රපටයද එදින ප්‍රදර්ශනය වීමට නියමිතය. එහි සිද්ධාර්ත් මල්හෝත්‍රා, මනෝජ් බජ්පායි, දකුනු ඉන්දීය සිනමා නිළි රුකුල් සිංද රංගනයෙන් දායක වෙයි.