අනුෂ්කා මුම්බායි ඇවිල්ලා



2018-01-10-ent-65

දකුණු අප්‍රිකාවේ සිය මධුසමය ගත කරමින් සිටි අනුෂ්කා මීට දින කිහිපයකට පෙර නැවතත් ඉන්දියාවට පැමිණ බව සඳහන් වේ. සිය සැමියා වූ විරාත් කෝලි මේ දිනවල දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කන්ඩායම සමග ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරමින් සිටින නිසාවෙන් මෙසේ අනුෂ්කා සිය රටට පැමිණ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මුම්බායි ගුවන් තොටුපොළේදි මාධ්‍යය නැගු ප්‍රහ්නයකට පිළිතුරු දෙමින් අනුෂ්කා පවසා තිබුනේ ‘සීරෝ’ චිත්‍රපටයේ වැඩ කටයුතු නිමා කිරීමේ අරමුණින් තමා මෙසේ යළිත් මුම්බායි නගරයට පැමිණි බවය. එමෙන්ම සිය තුන්වැනි සිනමා නිෂ්පාදනය වන ‘පාරි’ හි ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්නට මේ කාලය යොදා ගන්නා බවද අනුෂ්කා පවසා ඇත. අනුෂ්කාගේ තුන්වැනි චිත්‍රපටය වන ‘පාරි’ චිත්‍රපටය පෙබරවාරි 09 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

 

2018-01-10-ent-66