වික්‍රමගේ අලුත් චිත්‍රපටයට කෝටි 300ක්



2018-01-10-ent-67

දකුණු ඉන්දීය සිනමා නළු වික්‍රම් රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපටය ‘මහාවීර් කර්ණා’ ඉන්දීය රුපියල් කෝටි 300ක නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන්නට සැරසෙන බව සඳහන් වේ. මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් සහය වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි ඉන්දීය දුරකතන සමාගමක් බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු එළැඹෙන ජූලි මාසයේදී සිදු කෙරෙන අතර, ඒ අතර කාතය තුළ වික්‍රම්ගේ චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය විමට නියමිතව තිබේ. ජනවාරියේදී ‘Sketch’ චිත්‍රපටයද. පෙබරවාරියේදී ‘Dhruva Natchathiram’ චිත්‍රපටයද, මැයි මාසයේදී ‘Saamy II’ චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමට නියමිතය.

කෝටි 300ක වියදමින් තැනෙන ‘මහාවීර් කර්ණා’ චිත්‍රපටය සඳහා මේ වනවිට වික්‍රම්ගේ නම පමණක් යෝජනා වී තිබෙන අතර, මලයාලම් චිත්‍රපටහි රංගනයෙන් දායක වන ජනප්‍රිය නළුනිළි කිහිප දෙනෙකුගේද නම් මේ සඳහා නිල නොවන මට්ටමින් සඳහන්ව තිබෙන බව දැන ගැනීමට ලැබේ.