රිතික් සහ ටයිගර් ප්‍රථම වරට එක්වෙති



බොලිවුඩ් නළු රිතික් රෝෂන් සහ ටයිගර් ෂෙරොෆ් එකම චිත්‍රපටයක රංගනයෙන් දායක වීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. මෙම වසරේ අගෝස්තු මාසයේ එම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන බව එම චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන සිද්ධාර්ත් ආනන්ද පවසා තිබේ. රිතික් සහ ටයිගර් එකම චිත්‍රපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාවද මෙය වෙයි. එම චිත්‍රපටය 2019 ඔක්තෝබරයේ එළිදැක්වීමට නියමිතය.

20180207Hithik-1