ලබන වසරේ තිරගත වන රන්වීර්ගේ ‘83’



1983 වසරේ එක්දින ලෝක කුසලානය ඉන්දියාවට හිමිකරදුන් කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘83’ චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු 30 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට බලාපොරොත්තු වන කබීර් ඛාන් පසුගියදා මාධ්‍යය අමතමින් පවසා ඇත.

මේ දිනවල වඩාත් ජනප්‍රිය ‘පද්මාවත්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන රන්වීර් සිං මෙහි ‘83’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවනු ලබයි. ඔහු හැරෙන්නට මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන අනෙකුත් නළුනිළියන් පිළිබඳව දැනුම්දිමක් කබීර් ඛාන් විසින් සිදු කර නොමැති බවද මෙහි වැඩිදුරටත් සඳහන් වේ.

20180207Ranveer-1 20180207Ranveer-2