සල්මාන්ගේ 'ටිවිටර්' පණිවිඩය



2018-02-13-ent-44

මීට දින කිහිපයකට පෙර බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සිය ‘ටිවිටර්’ ගිණුමේ තැබු පණිඩිවයක් නිසාවෙන් ඔහුට ආදරය කරන රසික, රසිකාවියන් සියල්ලම මවිතයට පත්වූ පුවතක් බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ. ඒ Mujhe ladki mil gayi (මට ගැහැනු ළමයෙකු හම්බ වුණා) සල්මාන් මෙසේ සිය ‘ටිවිටර්’ ගිණුමේ සඳහන් කර තිබු පණිවිඩයයි.

පසුව ඔහු එය නිවැරදි කරමින් තවත් පණිවිඩයක් තබා තිබුණ අතර, එය සඳහන්ව තිබුනේ මේ ආකාරයෙනි.

 

Nothing to worry na @aaysharma ki film #Loveratri ke liye ladki mil gayi Warina, Toh dont worry na be happy na pic.twitter.com/uetTpUKRdi — Salman Khan 

 

ඔහු තමාට ගැහැනු ළමයෙකු මුණ ගැසි තිබෙන බවට පණිවිඩයක් තබා තිබුණේ ඔහු විසින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇති ‘ලවර්ට්‍රි’ චිත්‍රපටය සඳහා ප්‍රධාන නිළියක් හමු වු බවය. මෙසේ සල්මාන් හමුවු ඇත්තේ පාකිස්තානු සම්භාව්‍යක් ඇති වර්නා හුසෙන්ය. 2018 වසරේ අගභාගයේදී ප්‍රදර්ශනය වීමට නියමිත සල්මාන් ඛාන්ගේ මෙම අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ඔහුගේ නැඟණිය අර්පිතා ඛාන්ගේ සැමියා වූ අයුෂු ෂර්මාය.