කත්‍රිනාගේ 'ඉන්ටර්ග්‍රෑම්ස්' ගිණුමට මිලියන 7ක් රසික පිරිසක්



2018-02-13-ent-45

බොලිවුඩ් සුපිරි නිළි කත්‍රිනා කයිෆ්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට මිලියන 07කට අධික රසික පිරිසක් එක්ව තිබෙන බව ‘කෝයි මෝයි’ වෙබ් අඩවිය සඳහන් කර සිටියි. දිපීකා පදුකෝනිට අමතරව බොලිවුඩ් සිනමා නිළියකට ‘ඉන්ටර් ග්‍රෑම්ස්’ ගිණුමට එක්වූ වැඩිම රසික ප්‍රමාණය මෙය බව සඳහන් වේ. මෙහි විශේෂත්වය වන්නේ දෙසැම්බර් 20 වැනිදාට කත්‍රිනාගේ ගිණුමට එක්ව සිටි රසික ප්‍රමාණය මිලියන 3.5ක් වන අතර, ඉතා කෙටි කාලයකදී තවත් මිලියන 3.5ක පිරිසක් ඇයගේ ගිණුමට එක්ව තිබීම පුදුමය දනවන්නක් බව සඳහන් වේ.

‘කෝයි මෝයි’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙසේ කත්‍රිනාගේ ගිණුමට වැඩි රසික පිරිසක් එක්වීඹට හේතුව වී ඇත්තේ ඇය රංගනයෙන් දායක වූ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය ලොවපුරා අතිශය ජනප්‍රිය නිසාවෙන් බවය.