ශ්‍රීයා සරන්ගේ විවාහය මාර්තු මාසයේදී



2018-02-13-ent-46

කොලිවුඩ් නිළියක් ලෙස වඩාත් ජනප්‍රිය ශ්‍රීයා සරන් බොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයක් සඳහාද රංගනයෙන් දායක වූ නිළියකි. අතිශය ජනප්‍රිය වූ රාජිණිකාන්ත්ගේ ‘ශිවාජී’ චිත්‍රපටයේද රඟපෑ ඇය මාර්තු මාසයේදී විවාහ වීමට සූදානමින් සිටින බව ‘ලයිෆ් ඔෆ් බොලිවුඩ්’ වෙබ් අඩවියට පවසා ඇත. ඇය මෙසේ විවාහ වීමට තිරණය කර ඇත්තේ රූසියානු ජාතිකයෙකු සමගය. වසර කිහිපයක් තිස්සේ ශ්‍රීයා ඔහු සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රීයාගේ විවාහයත් සමග ඉන්දියාවේ ප්‍රසිද්ධ සිනමා නිළියන් කිහිප දෙනෙකුමෙ විවාහයන් එක දිගට පැවැත්වීමට නියමිතය. ඒ අතරින් ආනන්ද අහුජා හා සෝනම් කපූර්ගේ විවාහය ඉදිරියෙන්ම තිබෙන එකක් බව මෙම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.