'රෙයිඩ්' කෝටි 10ක් උපයයි



2018-03-20-ent-40

 

අජේ දේව්ගන් හා ඉලේනා ඩී ක_ස් රංගනයෙන් දායක වන ‘රෙයිඩ්’ චිත්‍රපටය පසුගිය මාර්තු 16 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. තිරගත වූ පළමු දිනයේදීඹ ඉන්දියාවේ පමණක් ‘රෙයිඩ්’ චිත්‍රපටය උපයාගත් මුදල වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 10.04ක මුදලකි. එය මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් තිරගත වූ පළමු දිනයේදීම ඉහළම මුදලක් උපයාගත් තුන්වැනි චිත්‍රපටය වේ.

මෙහි පළමු තැන සංජය ලීලා බන්සාලි නිෂ්පදනය කොට අධ්‍යක්ෂණය කර ‘පද්මාවත්’ චිත්‍රපටයත්, දෙවැනි තැන ටිවින්කල් ඛන්නා නිෂ්පාදනය කළ ‘පැඩ් මැන්’ චිත්‍රපටයටත් හිමිව ඇත. කෙසේ වෙතත්, අජේ දේව්ගන් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ශිවායි’, ‘බද්ෂාඕ’ හා ‘ගෝල්මාල්’ සිවුවැනි චිත්‍රපටය මංගල දිනයේදීම මෙවැනි විශාල මුදලක් උපයාගන්නට අසමත් විය.