ශ්‍රී දේවිගේ මරණයට හේතුව



2018-03-20-ent-42

ශ්‍රී දේවි අප අතරින් සමුගෙන දැනට සති තුනක කාලයක් ගත වුවද ඇය ගැන කතා කරන්නට අදද විවිධ මාතෘකා නිර්මාණය වී තිබේ. මෑතකදී වාර්තා වූ අන්දමට ශ්‍රී දේවි මියගොස් ඇත්තේ දැඩි කම්පණය නිසාවෙන් බව සඳහන් වේ. එනම ශ්‍රී දේවි හා මිථුන්ට දාව උපන් පිරිමි දරුවා ශ්‍රී දේවි හා බොනි කපූර්ට උපන් වැඩිමහල් ගැහැණු දරුවා ජාන්වි කපූර් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට සැළවීමත් සමග මෙසේ ශ්‍රී දේවි දැඩි කම්පණයට පත්ව ඇති බවය සඳහන් වේ.

හෘදයා බාධයක් හේතුවෙන් මුලින්ම ශ්‍රී දේවිගේ මරණය සිදු වු බවට සැළවු අතර, පසුව ඇය නාන කාමරයේ ඇදවැටීම හේතුවෙන් මිය ගිය බවට වාර්තා විය. කෙසේ වෙතත්, මේ වනවිට ශ්‍රී දේවි හා බොනි කපූර්ට දාව උපන් කුෂි හා ජාන්වි මුම්බායි හි පිහිටි අනිල් කපූර්ගේ නිවසේ පදිංචිව සිටින බව සඳහන් වේ.