අනන්යා පාණ්ඩේ ෂූටිං ගිහින්



2018-04-11-ent-87

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු චන්කේ පාණ්ඩේගේ දියණිය අනන්යා පාණ්ඩේ පසුගිය සති අන්තයේදී සිය කුළුඳුල් රූපගත කිරිමට එක්වූ බව දැනගැනීමට ලැබේ. ඒ කරන් ජෝහර් විසින් නිෂ්පාදනය කරන ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයේ දෙවැන්න සඳහාය.

මෙය අනන්යාගේ පළමු බොලිවුඩ් චිත්‍රපට රංගනය වේ. එහි ඇය ටයිගර් ෂෙරෝෆ් සමගින් රංගනයෙන් දායක වන අතර, සූන්දර ආදර කතාවක් මෙම චිත්‍රපටයේ කතාවට ඇතුලත්ව තිබේ. අනන්යා 19 වැනි වියෙහි පසුවන්නියකි. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන ඇය මීට පෙර වෙළෙඳ දැන්විම් කිහිපයක් හරහා දකින්නට ලැබී ඇත.