සෝනම් කපූර්ටත් මංගල සීනූ



2018-04-11-ent-159

අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර්ටත් මංගල සීනු හැඬවෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. සෝනම්ගේ පෙම්වතා වන්නේ ආනන්ද් අහූජා නම් ව්‍යාපාරිකයෙකි. ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන්ගේ විවාහය සිදුවන්නේ ලබන මැයි 11 සහ 12 යන දිනවලය. මෙම විවාහ උත්සවය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් සහභාගී වන පිරිස් වෙනුවෙන් ගුවන් යානා වෙන්කර ගැනීමද සිදුවන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.