තහනම් වූ චිත්‍රපටයක් නෙට්ෆ්ලික්ස් වෙතින් එළිදක්වයි



2018-04-11-ent-160

2014 වසරේ එළිදැක්වීමට නියමිතව තිබූ Unfreedom චිත්‍රපටය තහනමට ලක්වූවකි. චිත්‍රපට ගුණාත්මක බව ඇගයීමේ ආයතනයක් වන Central Board of Film Certification නම් මණ්ඩලය විසින් මෙම චිත්‍රපටය තහනමට ලක් කරනු ලැබීය. රාජ් අමිත් කුමාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර එහි ඇතුළත් සරාගී දර්ශන හේතුවෙන් තහනමට ලක්ව තිබේ. මෙම චිත්‍රපටය කිහිපවරක්ම CBFC වෙත ඉදිරිපත් කරනු ලැබුවත් එම සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප වී තිබේ.

අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය මේ වන විට Netflix වෙතින් නැරඹීමට අවස්ථාව උදා කරදී ඇතැයි ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරයි. මෙම අවස්ථාව පිළිබඳව මෙහි අධ්‍යක්ෂකවරයා වන රාජ් පවසා ඇත්තේ, ලෝකයේ සුප්‍රසිද්ධ වේදිකාවක් ඔස්සේ මෙම චිත්‍රපටය මහජනයාට ගෙන යාමට අවස්ථාව උදාවීම පිළිබඳව බොහෝ සතුටට පත්වන බවයි. මෙම චිත්‍රපටයේ සීමිත කොටස් කිහිපයක් 2017 වසරේ යූටියුබ් ජාලයට මුදාහැරි බවත් වාර්තා වෙයි. කෙසේවුවත් අන්තර්ජාතික මට්ටමෙන් මෙම චිත්‍රපට සඳහා සම්මානයන්ද හිමිකරගෙන ඇතැයි සඳහන් වෙයි.