සෝනම්ගේ විවාහය ඉන්දියාවේ



 2018-04-19-ent-142

බොලිවුඩ් සුපිරි නිළි සෝනම් කපූර්ගේ විවාහය අප්‍රේල් 29 වැනිදා සිට පුරා සතියක කාලයක් ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි අනිල් කපූර්ට අයත් ‘ජූහූ’ බංගලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. මීට පෙර සෝනම් හා ආනන්ද් අහුජා දෙදෙනාගේ විවාහය නෝර්වේ පවත්වන්නට කටයුතු කර තිබුණ අතර, පසුවි කපූර් පවුලේ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ විවාහය මුම්බායි නගරයේදී පවත්වන්නට සැලසුම් කර ඇත.

අප්‍රේල් 29 වැනිදා ඔවුන්ගේ විවාහ මංගල්‍ය ආරම්භ වන අතර, එදින පැවැත්වෙන ‘සංගීත්’ රාත්‍රීය නැටුමින් ගැයුමින් වර්ණවත් වන්නේ ජනප්‍රිය නර්තන ශිල්පිණි ෆාරා ඛාන්ගේ මුලීකත්වයෙන් බව සඳහන් වේ.කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් අහුජා මුම්බායිහි පැවැත්වෙන විවාහ මංගල්‍යයට අමතරව තම නැදෑයින් හා මිතුරු මිතුරියන්ට විශේෂ උත්සවයක් විදෙස් රටකදී පවත්වන්නට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

2018-04-19-ent-141