එකදිගට වැඩ කරන්න කැමති රුකුල්



2018-06-11-ent-13

දමිල සිනමා නිළියක් ලෙස අතිශය ජනප්‍රිය රුකුල් සිං පසුගියදා ප්‍රදර්ශනය වූ ‘අයියර්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවටද එක් විය. මේ වනවිටද දමිල, බොලිවුඩ් හා මලයාලම් චිත්‍රපට කිහිපයකම රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටින රුකුල් පසුගියදා ‘කොයි මොයි’ සිනමා වෙබ් අඩවිය සමග එක්වෙමින් මෙවැනි අදහසක් පළ කර තිබුණි.

‘මම කැමතියි එකදිගට වැඩ කරන්න. චිත්‍රපට කිහිපයක වුණත් මම වැඩ කරන්නේ එකදිගට එය පැය ගණන් දවස් ගණන් වුණාට මට ගැටළුවක් නැහැ. පසුගිය දිනවල මම එකදිගට චිත්‍රපට තුනක වැඩ කළා. ඊට පස්සේ මම දිගු නිවාඩුවක් ගත්තා. කොහොමත් මම චිත්‍රපටයක් භාරගන්නවා නම් ඒක අවසන් වෙනකම්ම එකදිගට වැඩ කරනවා. ඒක මට පහසුවක්.’ යැයි ඇය මෙම සිනමා වෙබ් අඩවියට පවසා තිබුණි.