ක්‍රිතිට 'අයිටම් නම්බර්' ගීතයක්



2018-06-11-ent-14

මේ දිනවල රූපගත කරන අභිෂේක් වර්මන්ගේ ‘කලාන්ක්’ චිත්‍රපටයේ එන ‘අයිටම්’ ගීථයක් සඳහා සුරූපි බොලිවුඩ් නිළි ක්‍රිති ෂැනොන් තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. මීට පෙර මෙම ‘අයිටම්’ ගීතය සඳහා කයිරා අද්වානි තෝරාගෙන තිබුණ අතර, පසුව ඇය ඉන් ඉවත්ව ඇත.

මේ දිනවල මෙම ගීතය මුම්බායිහි රූපගත කෙරෙන අතර, වරූන් ධාවන් හා ආදිත්‍ය රෝයි කපූර්ද මෙම ‘අයිටම්’ ගීතයේ රංගනයේ යෙදෙන බව සඳහන් වේ. ඔවුන් දෙදෙනාට අමතරව,මධුරි ඩික්සිත්, ආලියා භාට්, සොනක්ෂි සින්හා, සංජේ දත් යන නළුනිළියන්ද මෙහි රංගනයේ යෙදේ. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය ලබන වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.