Game Of Thrones පෙම්වතුන් විවාහ වෙයි



ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වුණු කිට් හැරීන්ටන් සහ රෝස් ලෙස්ලි දෙදෙනා මෙම මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචි වනවා. ඔවුන් දෙදෙනා එළඹෙන ජූනි 23දා ස්කොට්ලන්තයේදී විවාහ වීමට නියමිතයි.

ලොව පුරා අතිශයින් ජනප්‍රියට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ජෝන් ස්නෝගේ හා ඉග්‍රිට්ගේ චරිතයට පණ පෙවූ කිට් සහ රෝස් එකිනෙකා මුණ ගැසී තිබෙන්නේ 2012 වසරේදී ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ රූ ගත කිරීම් අතරතුරදීයි.

තිර රචනයට අනුව ඉග්‍රිට්ගේ චරිතය මින් වසර දෙකකට ඉහතදී කතාමාලාවෙන් ඉවත් වූවත් ජෝන් ස්නෝගේ චරිතය ගේම් ඔෆ් ත්‍රෝන්ස්හි 7 වැනි කතාව දක්වා අඛණ්ඩව ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා.

2018-06-12-gameofthrones-02018-06-12-gameofthrones-12018-06-12-gameofthrones-3 2018-06-12-gameofthrones-2