ප්‍රියංකාගේ පෙම්වතා නික් ජෝනාස්



2018-06-12-ent-32

ජනප්‍රිය හොලිවුඩ් පොප් ගායකයෙකු වන නීක් ජෝනාස් හා බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ වර්තමාන පෙම්වතා බව බොහෝ විදෙස් සිනමා වෙබ් අඩවි සඳහන් කොට තිබේ. පසුගිය දිනවල ප්‍රියංකා නිතරම පාහේ නීක් සමගින් ප්‍රිය සම්භාෂණ උත්සව සඳහා සහභාගි වී ඇති අතර, ඒ නිසාම බොහෝ දෙනෙකු ප්‍රියංකාගේ පෙම්වතා නීක් බවට අඳුන්වන්නට ඇත.

ප්‍රියංකා මේ වනවිට 35 වැනි වියෙහි පසුවන අතර, නීක් 25 වැනි වියෙහි පසුවන්නේය. වසර 10කින් ප්‍රියංකාට වඩා බාල නීක් සිය පෙම්වතා කර ගැනීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන කාරණයක් වී ඇත. ප්‍රියංකා මෙන්ම නීක්ද කිහිප වරක් ප්‍රේම සම්බන්ධතා ඇති කරගත් ඒවා කාලයක් යනතුරු බොහෝ දෙනා කතා කළ ප්‍රේම සම්බන්ධතාද විය.