අම්මා හිටියා නම් මට අදගොඩක් සතුටු වෙයි



2018-06-12-ent-33

කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වූ ‘දඩක්’ චිත්‍රපටයේ මංගල දර්ශන පසුගියදා පැවැත්වුණි. ජුලි 20 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා රටවල් රැසක් ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නවක නළුනිළි යුවළක් වූ ජාන්වී කපූර් හා ඉෂාන්ත් කට්ටර් විසින් නිරූපණය කරනු ලබයි.

මංගල දර්ශන නැරඹි සඳහා බොහෝ බොලිවුඩ් නළුනිළියන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම නිෂ්පාදකවරුන් රැසක්ද පැමිණි සිටි අතර, ජාන්වීට මෙන්ම ඉෂාන්ටද ඔවුන්ගෙන් උණුසුමු සුබපැතුම් ලැබි තිබුණි. මාධ්‍යය අමතමින් ජාන්වී කපූර් පවසා සිටියේ තම මව ශ්‍රී දේවී ජීවිතුන් අතර සිටියානම් ඇය වඩාත්ම සතුටු වන දිනය අදවන බවය. එමෙන්ම ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ අනිවාර්යයෙන්ම ඇය අද ගොඩක් සතුටු වෙන බවය.