අමිර් ඛාන් ප්‍රචාරක කටයුතුවල



2018-06-12-ent-34

දමිල සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හසන් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ ‘විශ්වරාම්පූර්’ දෙවැනි චිත්‍රපටය අගෝස්තු 18 වැනිදින ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත. මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු සිදුවෙන අතර, බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ද සිය ‘ටිවිටර්’ ගිණුම හරහා මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

අමීර් ඛාන් සිය චිත්‍රපටයක් හැරෙන්නට සිය ‘ටිවිටර්’ ගිණුම හරහා වෙනත් නළුවෙකුගේ චිත්‍රපටයක් සඳහා ප්‍රචාරක කටයුත්තක් සිදුකළ පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. 2013 වසරේ තිරගත වූ ‘විශ්වරාම්පූර්’ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 225ක ආදායමක් උපයාගන්නට සමත් විය.