ෂාරුක්ගේ 'සීරෝ' ප්‍රචාරක පටය එළිදකී



2018-06-20-ent-25

ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම සිනමා නිර්මාණය ‘ZERO’ ලබන දෙසැම්බරයේ තිරගතවීමට නියමිතය. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ ෂාරුක්ගේ ‘ZERO’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්, මේ වනවිට එළිදක්වා ඇත්තේ කවුරුත් පුදුමයට පත්කරමිනි. ‘ZERO’ චිත්‍රපටයේ ෂාරුක් උසින් අඩු, එසේත් නැතිනම් කුරු චරිතයකට පණ දෙනයි. ‘මෙම චිත්‍රපටයේ එළිදැක්වුණු පූර්ව ප්‍රචාරක පටයේ ෂාරුක් සමග තවත් බොලිවුඩ් සුපිරි තරුවක් වන සල්මාන්ද සිටින අතර, ඔවුහු අපූරු රංගනයක සහ ගායනයක නියැළෙති.

 

2018-06-20-ent-26