කත්‍රිනා විවාහ වෙන්නේ නැති ලකුණු



2018-07-09-ent-171

බොලිවුඩ් සුපිරි නිළියන් අතරේ ඉදිරියෙන්ම පසුවන නිළියක් ලෙස කත්‍රිනා කයිෆ් හැඳින්විය හැකිය. එංගලන්තයේ උපත ලබා එහි මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇති කත්‍රිනා මීට වසර 12කට පෙර බොලිවුඩ් සිනමාවට පිවිසි නිළියකි.

මේ දක්වා බොලිවුඩ් චිත්‍රපට බොහෝමයක රංගනයෙන් දායක වී ඇති ඇය බොලිවුඩයේ වඩාත්ම කතා බහට ලක්වූයේ ඇය ජනප්‍රිය හා සුපිරි බොලිවුඩ් නළුවන් කිහිප දෙනෙකු සමගින්ම ප්‍රේම සම්බන්ධතා පැවැත්වීමය.

සල්මාන් ඛාන් හා කත්‍රිනා අතර, විවාහය දක්වා යනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රේම සම්බන්ධයක් තිබුණ අතර, රන්බීර් හා ඇය එකම නිවෙසක පදිංචිව සිටි බවද කාටත් අද නොරහසකි.

මේ වනවිට නැවතත් ඇය සල්මාන් සමගින් සමිප මිතුදමක් පවත්වන අතර, ඒ නිසා ඇය නැවතත් සල්මාන්ට ප්‍රේම කරන බව බොහෝ දෙනෙකු පවසයි. මේ නිසාම කත්‍රිනා පසුගියදා මාධ්‍යය කළ විමසිමකදී ඇය පවසා තිබුණේ තමාගේ විවාහය කිසිදිනක සිදු නොවීමටද ඊට පවතින බවය.