රන්බීර්ගේ 'සංජූ' කෝටි 300යි



2018-07-10-ent-12

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජේ දත්ගේ ජීවිත කතාව අලලා සැකසුණ ‘සංජූ’ චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයා ගන්නට සමත්ව ඇත. මේ වසරේ ඉතා ඉක්මණින්ම ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය එය දින 8ක් වැනි සුළු කාලයකදී උපයා ගැනීම විශේෂත්වයකි.

ජුනි 29 වැනිදා ප්‍රදර්ශනය ඇරඹු මෙම චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම වාර්තාගත ඉන්දීය රුපියල් කෝටි 34.75ක මුදලක් උපයාගන්නට සමත් විය. රන්බීර් කපූර් මෙහි ජනප්‍රිය සිනමා නළු ‘සංජේ දත්’ගේ චරිතයට පණ පොවන අතර, සෝනම් කපූර්, ඩියා මිස්රා, මනිෂා කොයිරාළ, අනුෂ්කා ෂර්මා සෙසු චරිත සඳහා දායක වී තිබේ.