දිපීකාට 'ඉන්ටර්ග්‍රෑම්ස්' වලින් මුල්තැනට



 2018-07-10-ent-14

බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝනිගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ පිටුවේ රසික පිරිස මිලියන 25කට වඩා වැඩියි ඇතැයි වාර්තාවේ. ‘පද්මවාත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමග ඇයගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ පිටුවට එක්වන රසික පිරිස වැඩිවි තිබේ.

වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින බොලිවුඩයේ තරුව බවට වර්තමානයේ පත්ව ඇත්තේද දිපීකාය. ඉන් පසුව මිලියන 20.4ක පිරිසක් සිටින ප්‍රියංකා චොප්රා එහි දෙවැනි තැනට පත්ව ඇත. ආලියා භාට්ට මිලියන 19ක ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින අතර, ඇය මෙම ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව ඇත.

ශ්‍රද්ධා කපූර් (මිලියන 18.5), ජැකලින් ෆර්නැන්ඩෙස් (මිලියන 15.5), ආක්ෂේ කුමාර් (මිලියන 15.2), සල්මාන් ඛාන් (මිලියන 13.5), ෂාහිඩ් කපූර් (මිලියන 11.6), සෝනම් කපූර් (මිලියන 11.2), සනි ලීයොන් (මිලියන 11) වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින තරු අතර සිටියි.

 

2018-07-10-ent-13