ෂාහිඞ් කපූර් ගේ දර්ශනය



2018-07-17-ent-23

ෂාහිඞ් කපූර් මේ වන විට සිය වෘත්තීය ජිවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් බොහෝ ජයග‍්‍රහණ හිමි කරගෙන සිටින්නේය. ඔහු සහ බිරිද මීරා රාජ්පුත් දෙවන වරටත් මව්පිය පදවිය අපේක්ෂාවෙන් සිටිති. ඒ පිළිබදව ඔවුන් ප‍්‍රසිද්ධියේ කතා කර නැතත් මීරා ලිහිල් ඇදුම්වලින් සැරසී සිටින ආකාරය නොයෙක් තැන්වලදී දැක ගන්නට ලැබී ඇත. ඊට අමතරව ඔවුන් ගේ දියණිය මීෂා ගේ සේයාරුවක් පසෙකින් බැලූන් ගොඩක් සිතුවම් කර ලොකු අක්කා යනුවෙන් සටහනක් සහිතව අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මේ අතර සමාජ වෙබ් අඩවියක ෂාහිඞ් කපූර් විසින් තබන ලද දාර්ශනික සටහනක් සියලූ දෙනාගේම අවධානයට හා ප‍්‍රශංසාවට ලක් වුයේය. ‘‘සත්‍යය මෙයයි. පිටතින් යොදන ලද බලයකින් බිත්තරයක් බිදුණහොත් ජීවය අවසන් වෙයි. ඇතුළතින් යොදන බලයකින් බිදුණහොත් ජීවය ඇරඹෙයි. ඔබේ ජීවිතයේ සියලූම වටිනාකම්, සියලූම රහස් ඇත්තේ ඔබ තුළමය. එම නිසා පිටත බැලීමෙන් වළකින්න. බිත්තරය ඔබ තුළම බිදගෙන ජිවිතයට ඇරඹෙන්නට ඉඩ දෙන්න..’’

ශ‍්‍රද්ධා කපුර් සමග රග පාන බට්ටි ගුල් මීටර් චාලූ ඔහු ගේ ඊ ළග චිත‍්‍රපටියයි. බොලිවුඞ් නැවත නිෂ්පාදනයක් වන අර්ජුන් රෙඞ්ඩි චිත‍්‍රපටියට ද ඔහු ගේ නම යෝජනා වී තිබේ.