‘මිෂන් ඉම්ෆොසිබල්’ අලුත් චිත්‍රපටය



2018-08-07-ent-106

හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් ප්‍රධානය නිරූපණය කරන ‘මිෂන් ඉම්ෆොසිබල් ෆේල්අවුට්’ චිත්‍රපටය මේ වනවිට හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. මේ වනවිටත් සිය නිෂ්පාදන මුදල සොයා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටය ඉන්දියාවේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටියි.

ජූලි 27 වැනිදා ඉන්දියාවේ තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 37ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. මේ වසරේ බොලිවුඩයේ තිරගත වූ බොහෝ හොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණයක් ආදායම් උපයා ගැනිම අතින් සාර්ථක වූ අතර, ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපටයද ඒ අතර ඉදිරියෙන්ම පවතින චිත්‍රපටයක්ද වේ.