අජේ පළමු වතාවට ‘දමිල’ චිත්‍රපටයක



2018-08-08-ent-07

ඉදිරියේදී රූපගත කිරීමට නියමිත ‘ඉන්දීයන්’ දෙවැනි කොටස රැගත් දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා අජේ දේව්ගන් තෝරා ගෙන තිබේ. 1996 වසරේ තිරගත වූ ‘ඉන්දියන්’ චිත්‍රපටයේ කමල් හසන්, මනිෂා කොයිරාළ හා උර්මිලා මතෝද්කාර් රංගනයෙන් දායක විය.

අගෝස්තු 10 වැනිදා සිට කමල් හසන්ගේ ‘විශ්වරූපම්’ දෙවැනි චිත්‍රපටය ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය අතර, ඔහු ඉන් පසුව ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අදහස් කරමින් පසුවේ. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘2.0’ චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ ශේකර් මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කිරීමට දායක වී තිබේ.