සල්මාන් කේරල ජනතාවට කෝටි 12ක් දිලා



2018-09-10-ent-28

බොලිවුඩයේ කිරුළ නොපළන් රජුන් ලෙස සැළකෙන සල්මාන් ඛාන් පසුගියදා ඉන්දියාවේ කේරළ ප්‍ර දේශයේ ඇති වූ හදිසි අපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට ඉන්දීය රුපියල් කෝටි 12ක මුදලක් ලබාදුන් බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධව නිල වශයෙන් තොරතුරු වාර්තා නොවුණ අතර, සල්මාන්ගේ හිතවත් සිනමා නළුවෙකු වූ ජාවේඩ් ජෆ්රි ඒ පිළිබඳව සිට ‘ටිවිටර්’ ගිණුමේ සඳහන් කර තිබුණී. කේරලයේ අවතැන් වු කොලිවුඩ්, බොලිවුඩ් සිනමා තරු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ද රැසක් ආධාර ලබාදී තිබුණ අතර, මෙවැනි විශාල මුදලක් ලබාදුන් එකම සිනමා නළුවා වී තිබුණේ සල්මාන් ඛාන් පමණක් බව සඳහන් වේ.