'යම්ලා පග්ලා දිවානා' අලුත් චිත්‍රපටය



2018-09-10-ent-29

ඩියොල් පවුලේ චිත්‍රපටයක් වන ‘යම්ලා පග්ලා දිවානා - ෆිර් සේ’ චිත්‍රපටය පසුගිය අගෝස්තු 31 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. තිරගත වු දිනයේදිඹ ඉන්දීය රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත්ව තිබුණි.

බොහෝ දෙනා පවසන්නේ මෙම චිත්‍රපටයට සල්මාන්ගේ දායකත්වය ලැබීම හරහා චිත්‍රපටය යම් තරමක සාර්ථකත්වයක් ලබමින් පවතින බවය. කෙසේ වෙතත්, එදිනම තිරගත වූ රාජ්කුමාර් රාඕ හා ශ්‍රද්ධා කපූර් දෙදෙනා රංගනයෙන් දායක වන ‘ස්ට්‍රි’ චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දී්‍ය රුපියල් කේටි 41කි. මෙම චිත්‍රපටය සාර්ථක වීම හරහා ඩියොල් පවුලේ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් අසාර්ථක වෙමින් සිටින බව සඳහන් වේ.