මීරා රාජ්පූත්ට පුතෙක් ලැබිලා



2018-09-11-ent-50

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මීරා රාජ්පූත්ට දාව පිරිමි දරුවෙකු පසුගිය සති අන්තයේදී උපත ලැබිය. මුම්බායිහි ‘හින්දුජා’ පෞද්ගලික රෝහලේදී මෙසේ උපත ලැබු පිරිමි දරුවාට සයින් කපූර් ලෙස මීරා හා ෂාහිඩ් දෙදෙනො නම් තබාද ඇති බවට තොරතුරු ලැබේ.

සයින් මෙන්ම මීරාද මේ වනවිට පූර්ණ සුවයෙන් සිටින අතර, මෑතකදී ෂාහිඩ් විසින් මිළදි ගත් කෝටි 53ක නිවසෙහි මොවුන් දෙදෙනා පදිංචිව සිටින බව සඳහන් වේ. සයින් කපූර් උපත ලැබිමත් සමගින් බොලිවුඩ් තරු බොහෝ පිරිසක් සුබපතා ඇති අතර, අනුෂ්කා ෂර්මා සොනම් කපූර්, රන්වීර් සිං හා දිපීකා පදුකෝන් ඔවුන්ගේ දුක සැප බැලීමට ‘හින්දුජා’ රෝහලටද පැමිණ තිබුණ බව සඳහන් වේ.